බස්නාහිර පළාතේ සියනෑ කෝරලේ අනාදිමත් ඵෙතිහාසික උරුමයක් ඇති ස්වභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පාරාදීසයක් වන බප/ගම්/පද්මවතී මධ්‍ය මහා විද්‍යාලය නැණ ගුණ සපිරි පුරවැසියන් සුහහසක් දෙන රට දැයට තිලිණ කළ කීර්තිමත් විදුහල් මාතාවයි. 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණි දක්වා අධ්‍යාපනය හදාරන අතර කලා / වාණිජ / විද්‍යා / ගණිත යන සිවු වැදෑරුම් අංශයන්ගෙන් දරුවන් ඉගෙනුම ලබයි. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තීය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුළ ක්‍රියාත්මක වේ. සිසුන් 1700 කට අධික පිරිසක් අධ්‍යාපනය හදාරණ අතර ගුරුභවතුන් 87ක් පමණ සේවයේ නියුතුව සිටියි. අංශ රැසකින් වාර්ෂිකව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන දරුවන් සිටින පද්මවතී මධ්‍ය මහා විද්‍යාලය ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් ලෙස හඳුන්වා දිය හැකි ය.
ස්වාභිමානී විශිෂ්ඨයින් දැයට දායාද කරන විශිෂ්ඨ පාසලක්.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තීන්ට අනුකූලව, යහපත් ආකල්ප හා සාරධර්මයන් තුළ, සිය සහජ කුසලතා හා හැකියාවන් , වර්ධනය කර ගනිමින් , තමන්ටත් අනුනටත් ඵලදායක , තෘප්තිමත් ජීවන රටාවකට, දරුවාට මඟ පෙන්වීමයි.