- ඉංග්‍රිසි ජූනියර් ස්කූල් නමින් 1945 ජූලි මස 2 දින සිසුන් 20 දෙනෙකුගෙන් හා ගුරුභවතුන් තිදෙනෙකුගෙන් ආරම්භ කරන ලද අතර ප්‍රථම විදුහල්පතිවරයා වූයේ ඩෑන් ඩයස් බණ්ඩාරනායක මහතාය.
- 1959 දී පද්මවතී විද්‍යාලය බවට පත්වීම.
- 1986 දී පර්ෂද මූලස්ථ විද්‍යාලය බවට පත්වීම.
- 1991 දී පද්මවතී මධ්‍ය මහා විද්‍යාලය බවට පත්වීම.
- මේ වන විට විදුහල්පතිවරු 23ක් හා එක් පැවිදි විදුහල්පතිවරයෙක් විදුහල්පතිධූරය හොබවා ඇත.
- 2006 සිට 2014 දක්වා විදුහල්පතිනියක් විදුහල්පති ධූරය හොබවා ඇත.
- 2008 වසරේ සිට ඉසුරු පාසල් ව්‍යපෘතිය යටතේ සංවර්ධනය වූ අතර දැනට ද්විතීයික පාසල් දහසේ ව්‍යාපෘතියටද ඇතුලත්ව ඇත.ඒ යටතේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය වැඩ නිමවා ඇත.
- තිරසර සංවර්ධන ව්‍යාපෘතියට මෙන්ම ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියටද සම්බන්ධ වෙමින් වර්තමානයේ කටයුතු කරනු ලබයි.
- දහසක් ජාතික පාසල් ව්‍යාපෘතිය යටතේ ගම්/පද්මවතී ම.ම.විද්‍යාලය(ජාතික පාසල) ලෙස නම් කර ලදී.
- දැනට විදුහල්පතිවරයෙක් සමඟ නියෝජ්‍ය විදුහල්පතිනියන් තිදෙනෙක්, ගුරුවරුන් 84දෙනෙක්ද , 1715 ක සංඛ්‍යාවක සිසු පිරිසක් ද සිටිති.
- දහතුන් වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහනේ තෙවන අදියර සඳහා තෝරා ගෙන ඇති පාසලකි.
- ක්‍රීඩා, නර්තන, සංගීත අංශ වලින් සමස්ථ ලංකා මට්ටමේ ජයග්‍රහණ ලබාගනිමින්, අ.පො.ස.(සා.පෙළ) අංශයේ සංවර්ධනාත්මක අගයන් ලබා ගනිමින්, අ.පො.ස. (උ.පෙළ) කලා,වානිජ,විද්‍යා,ගණිත විෂය ධාරා වලින් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබාගැනීමට සිසුන් මෙහෙයවමින් දිනෙන් දින ඉදිරිය කරා ගමන් කරන පාසලකි.






