බප/ගම් පද්මවතී මධ්‍ය මහා විද්‍යාලය.

2024 A/L Batch Trip

2024 Grade 7 Trip

Sport Camp

Sport Camp

සහෝදරත්වය.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

පොදු නීති

  • නියපොතු කොටට කපා තිබිය යුතුය.
  • චාම් හා සරල බව මෙන්ම පිරිසිදුකම නිරතුරුවම පවත්වා ගත යුතුය.
  • සුදු පැහැ පිරිත් නූලක් හෝ අනුමත කරගත් ආරක්ෂක මුදු හා යන්තර හැර ආභරණ පැළඳීම සපුරා තහනම්ය.
  • සුවඳ විලවුන් සහ ආලේපන ගැල්වීමද, ඇහිබැමි හා කොණ්ඬය සකස් කිරීමද, වෛවර්ණ හා විශාල ප්‍රමාණයේ ලේන්සු මෙන්ම හිස්වැසුම් රැගෙන ඒමද සපුරා තහනම්ය.
  • දෛනික කාලසටහනට අනුව ඔබට ලබා දී ඇති පෙළපොත් සහ නියමිත අභ්‍යාස පොත් අනිවාර්යෙන්ම රැගෙන ආ යුතුය.
  • ශිෂ්‍ය වාර්තා පොත දිනපතාම රැගෙන ආ යුතුය.
  • ජංගම දුරකථන රැගෙන ඒම සහ අත් ඔරලෝසු පැළඳීම සපුරා තහනම්ය
  • පොලිතීන් ගෙන ඒම සපුරා තහනම් වන අතර, ආහාර භාජනයක රැගෙන ආ යුතුය.
  • අවර්ණක බෝතලයක පානීය ජලය රැගෙන ඒමටද කාරුණික වන්න.
  • 6-10 ශ්‍රේණි අත් ඔරලෝසු පැළඳීම සපුරා තහනම්ය.

 

සිසු දරු දැරියන්ගේ හා දෙමව්පියන්ගේ විශේෂ අවධානය පිණිස

පහත සඳහන් උපදෙස් කෙරෙහිද ඔබගේ විශේෂ අවධානය යොමු කළ  යුතුය.

  • පාසල් දරුවන් මත් වතුර,මත් ද්‍රව්‍ය භාවිතය,ළග තබා ගැනීම, බෙදා හැරීම, ඒ සඳහා අන් අය පෙළඹවීම, ඒ පිළිබඳ කරුණු සැඟවීම බරපතල වැරදි සේ සලකා කටයුතු කරනු ලැබේ
  • පාසල් සිසු සිසුවියන් අනවශ්‍ය සම්බන්ධතා පැවැත්වීම සපුරා තහනම්ය.
  • ඉගෙනුම් කාලය තුළ අදාළ ස්ථානයේ රැඳී සිටීම අනිවාර්ය වන අතර, යම් සුවිශේෂි කාර්යයක් සඳහා පන්ති කාමරයෙන් බැහැර වන්නේ නම්, නිසි අවසරය හා බැහැර යාමේ අවසරපත පැළඳ සිටීම අනිවාර්ය වේ.
  • ආපන ශාලාව තුළ රැඳී සිටිය හැක්කේ, පාසල ආරම්භ වීමට පෙර සහ විවේක කාලයේදී පමණි.
  • සියළු සිසු සිසුවියන් අධ්‍යාපන සංවර්ධනය උදෙසාම කැපවිය යුතු අතර, තෝරාගත් විෂය සමගාමී ක්‍රියාකාරකම් වලද නිරත විය යුතුය.
  • පාසලේ දෛනික කටයුතු පෙ.ව.7.15ට ආරම්භ වන බැවින්, ඊට විනාඩි 15කට පෙර දරුවන් පාසල් පැමිණිය යුතුය.
  • උදෑසන ආගමික වතාවත් අවසානයේ ප්‍රචාරය කෙරෙන ශිෂ්‍ය ප්‍රතිඥාව සියළුම දරුවන් ශබ්ද නගා ලබාදිය යුතුය.
  • ශිෂ්‍ය නායක මණ්ඬලය අදාළ කාර්යයන් තුළ සක්‍රියව නියැලිය යුතුය.
  • විද්‍යාලීය ආචාර්ය මණ්ඬලය සියලු කටයුතු නිසි ආකාරයෙන් සිදුවන්නේදැයි සොයා බලනු ලැබේ.
  • ඉහත සඳහන් උපදෙස් පරිදි පාසල වෙත යොමු නොකරවන දරුවන් පාසලට භාර නොගන්නා බැවින්, ඔවුන් පිළිබඳ වගකීම දෙමාපියන්ම භාරගත යුතුය.
  • අභිමානවත් පාසලක් නිර්මාණය කිරීමේ වගකිම සැවොම සතු බව අවධාරණය කරන අතර ඒ සඳහා ඔබ සැමගේ ගෞරවනීය සහයෝගය අපේක්ෂා කරමි.