බප/ගම් පද්මවතී මධ්‍ය මහා විද්‍යාලය.

2024 A/L Batch Trip

2024 Grade 7 Trip

Sport Camp

Sport Camp

සහෝදරත්වය.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

පිරිමි ළමයි

  • කන දෙපස හිසකෙස්(SIDE BUMS) කනෙහි ඉහළ සීමාවෙන් කැපිය යුතුය.
  • අත මිටි කළ විට හසු නොවන පරිදි කොණ්ඬය ඉතා කොටට කැපිය යුතුය.
  • කමිසය අත් කොට විය යුතු අතර එහි අත වැලමිටට අඟල් 1 ½ ක් ඉහළින් තිබිය යුතුය.
  • අත වට වාටිය අඟල් තුනක අවකාශයක් තිබිය යුතුය.
  • කලිසමේ ඉන වැලමිට නැවෙන සීමාවෙහි තිබිය යුතුය.
  • (6-9 ශ්‍රේණි) සිසුන් සුදු කොට කලිසම ඇඳිය යුතුය. එහි වාටිය දණහිසට අඟල් 1 ½ ක් ඉහළින් තිබිය යුතුය.
  • ඉදිරිපස උල් නොවූ, පොලිෂ් කළ හැකි, ලේස් දමන කළු සපත්තු හා කලු මේස් පැළඳ සිටිය යුතු අතර මේස් නොනැවිය යුතුය.
  • රැවුල වැවෙන්නේ නම් සම්පූර්ණයෙන්ම කපා තිබිය යුතුය.
  • කොලරයේ අමතර බොත්තම් නොතිබිය යුතුය.
  • කොලරය අබියස බොත්තම හැර සියලුම බොත්තම් දැමිය යුතුය.
  • කමිසයේ සාක්කුවේ දකුණු පස කෙළවරේ පාසල් නිල ලාංඡනය ස්ථිරව මසා තිබිය යුතුය.
  • කලිසමේ ඉදිරිපස feet දෙකක් අන්වාර්යයෙන් තිබිය යුතුය.
  • දිග කලිසම් කකුලේ විවරය අඟල් 16 ක් විය යුතුය.
  • අත් ඔරලෝසු පළඳින්නේ නම් එය කළු පැහැති පටියක් සහිත ඔරලෝසුවක් විය යුතු අතර, ඔරලෝසු පැළඳීමට අවසර ඇත්තේ 11 වසර සහ උසස් පෙළ ළමුන්ට පමණක්ය.
  • කලිසමේ පිටුපස එක් සාක්කුවක් පමණක් තිලිය යුතු අතර බොත්තමක් , කාදුවක් , උඩුපියනක් නොතිබිය යුතුය.

 

 

ගැහැණු ළමයි

  • කොලරය සමඟ ඇති ඉදිරිපස විවරය අඟල් දෙකකට නොවැඩි විය යුතුය.
  • ටයි පටිය පැළඳිය යුතුය.
  • පාසල් නිල ලාංඡනය ගවුමේ වම් පසේ ස්ථිරවම මසා තිබිය යුතුය.
  • අත් දෙක වැලමිටට අඟල් 1 ½ ක් ඉහළින් තිබිය යුතුය.
  • වැලමිට නැවෙන සීමාවට සමාන්තරව ඉන පටිය තිබිය යුතුය.
  • ඉන පටියේ පළල අඟල් 1 ½ක් විය යුතුය.
  • ඉන වටා රැළි තිබිය යුතු අතර රැල්ලක පළල අඟල් 1 ½ ක් විය යුතුය.
  • දණ ගසා සිටින මොහොතක ගවුමේ වාටිය බිම ගෑවිය යුතුය.
  • කොණ්ඬය මැදින් බෙදා තිබිය යුතුය.
  • කන් වල පහළ කෙළවරේ සිට ගෙතීම ආරම්භ කළ යුතුය.
  • කොණ්ඬ කරල් දෙකක් ගෙතිය යුතු අතර, අවසන නමා කළු රිබන් වලින් ගැට ගසා තිබිය යුතුය.
  • කොණ්ඬය කොටට කපන්නේ නම්, කොලරය සීමාව දක්වා කොටට කපා තිබිය යුතුය.
  • දෑස් මත කොණ්ඬය පතිත නොවන සේ සකස් නර ගැනීමට, කොණ්ඬ කටු හතරක් භාවිතා කළ හැකිය.
  • මැණික් ගල් නොඇල්ලූ රනින් කළ කුඩා කරාබු යුගලක් පැළඳ සිටිය යුතුය.
  • සුදු මේස් හා ලේස් සහිත සුදු සපත්තු පැළඳ සිටිය යුතු අතර මේස් නවා තිබිය යුතුය.